නිති අසන පැණ

තොරතුරු සපයන්නන්ගේ පෞද්ගලික තොරතුරු සහ අනන්‍යතාවයන් සුරක්ෂිතද?

තොරතුරු සැපයීම සදහා පුරවන පත්‍රිකාව/ පෝරමය පුද්ගලික සහ රහසිගත මෙන්ම නිර්නාමිකය. තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවයන්වල සුරක්ෂිතභාවය රැක ගැනීම උදෙසා අපි සැමවිටකදීම අනන්‍යතාවය හෙළිදරව් වන තොරතුරු ඉල්ලා සිටීමෙන් වලකින්නෙමු. ඊට අමතරව තවදුරටත් ඔබගේ ආරක්ෂාව උදෙසා පත්‍රිකා පිරවීමේදී සහ තොරතුරු සැපයීමේදී ඔබව හදුනාගැනීමට යොදාගත හැකි තොරතුරු කිසිවක් ඇතුලත් කිරීමෙන් වලකින ලෙසද ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

කවුරුවත්ම හෝ, (GHI සංසදයද ඇතුලුව) විසින් තොරතුරු සපයන වෙබ් පිටුවට මා පැමිණි බව සහ එහිදී පත්‍රිකාවක්/පෝරමයක් පිරවූ බව දැනගනීද?

GHI සේවාදායක අඩවිය විසින් අඩවියට එලඹෙන්නන්ගේ IP ලිපින එකතු කරනු ලැබේ. IP ලිපිනයක් යනු අන්තර්ජාලයට පිවිසීම සදහා යොදාගනු ලබන උපකරණයකට අනන්‍යවූද, එම උපකරණය පවතින ස්ථානය හදුනාගැනීම සදහා යොදාගත හැකිවූද (රට, නගරය ආදී වශයෙන්) ලිපිනයකි. මීට අමතරව එම උපකරණය අන්තර්ජාලයට එලඹීමට යොදාගන්නා අන්තර්ජාල සම්බන්ධතාවය සදහා ගාස්තු ගෙවන්නාගේ නමද එමගින් හදුනාගත හැකිය. මෙනිසා, ඔබගේම පෞද්ගලික පරිගණකය යොදාගනිමින් පත්‍රිකාව/පෝරමය පිරවූ විට එය සිදුකරන ලද්දේ ඔබගේ උපකරණය හරහා යන බව දැනගැනීමට හැක. එනමුත්, එකී අවස්තාවේදී ඔබ විසින් පෞද්ගලිකව එම උපකරණය භාවිතා කල බව එමගින් ඔප්පු කිරීමට නොහැක. මෙකී හේතූන් මත, පොදු පරිගණකයක් හරහා (උදාහරණයක් වශයෙන්: අන්තර්ජාලයට පිවිසෙන කැෆේ සාප්පුවක් හරහා) හෝ VPN සේවාවක් හරහා පත්‍රිකාව/පෝරමය පුරවන වෙබ් අඩවියට පිවිසීම වඩාත් සුදුසුය. VPN සේවාවක් යනු තමාගේ උපකරණයට බාගත කරගත හැකි මෘදුකාංගයක් වන අතර, ඒ හරහා අන්තර්ජාලයට පිවිසීමේදී, එම මෘදුකාංගය විසින් ඔබගේ සම්බන්ධතාවය ප්‍රතියොමුවක් සිදු කෙරේ. මෙකී උපක්‍රමය මගින් ඔබට අමතර ආරක්ෂාවක් ලබාදෙමින් ඔබගේ අනන්‍යතාවය රැකගැනීමට පිටුවහලක් වේ.

මාගේ සේවායෝජකයා මම තොරතුරු සපයන පත්‍රිකාවක්/පෝරමයක් පිරවූ බව සහ ඊට අදාල වෙබ් පිටුවට පිවිසුණු බව දැනගනීද?

සමහරක් සමාගම් වලට ඔවුන්ගේ අන්තර්ජාල පහසුකම් පරිශීලනය කරමින් තොරතුරු පත්‍රිකා/පෝරම් වෙබ් අඩවියට පිවිසුනු පරිගණක සහ වෙනත් උපකරණ (ජංගම දුරකතන ආදී) හදුනාගැනීමට හැකියාව තිබිය හැක. මෙලෙසින් ඔවුහූ, ඔබව හදුනාගැනීමේ සම්භාවිතාවයක් පවතී. මින් ආරක්ෂා වීම සහ ඔබගේ අනන්‍යතාවය සුරක්ෂිතව පවත්වාගැනීම උදෙසා පහත දී ඇති පියවර අනුගමනය කරන ලෙස නිර්දේශිතය:

  1. සමාගමේ ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් පරීශීලනය කිරීමෙන් වලකින්න.
  2. සමාගම විසින් සපයන අන්තර්ජාල පහසුකම් පරිශීලනය කිරීමෙන් වලකින්න.
  3. වෙබ් අඩවිය පෞද්ගලික (private) හෝ අප්‍රකට (incognito) වෙබ් කවුළුවක් (window) ඔස්සේ විවෘත කරන්න. මෙමගින් ඔබගේ වෙබ් ඉතිහාස පිටුවෙහි එය සදහන් වීම වලකී.
    • ක්‍රෝම් බ්‍රව්සරය: වින්ඩෝස්, ලිනක්ස්, හෝ ක්‍රෝම් මෙහෙයුම් පද්ධති සදහා: (Ctrl) යතුර + (Shift) යතුර + (n) යතුර එකවිට මොහොතක් ඔබන්න, මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා: (⌘) යතුර + (Shift) යතුර + (n) යතුර එකවිට මොහොතක් ඔබන්න
    • ෆයර්ෆොක්ස් බ්‍රව්සරය: වින්ඩෝස්, ලිනක්ස් හෝ ක්‍රෝම් මෙහෙයුම් පද්ධති සඳහා: (Ctrl) යතුර + (Shift) යතුර + (p) යතුර එකවිට මොහොතක් ඔබන්න, මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා: (⌘) යතුර + (Shift) යතුර + (p) යතුර එකවිට මොහොතක් ඔබන්න.
    • සෆාරි බ්‍රව්සරය: මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා: (⌘) යතුර + (Shift) යතුර + (n) යතුර එකවිට මොහොතක් ඔබන්න.
    • එජ් බ්‍රව්සරය: වින්ඩෝස් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා: (Ctrl) යතුර + (Shift) යතුර + (n) යතුර එකවිට මොහොතක් ඔබන්න.

මෙම පූර්වාරක්ෂක පියවර අනුගමනය කිරීමෙන් ඔබ පත්‍රිකාවක්/පෝරමයක් ඉදිරිපත් කල බව අනාවරණය කරගැනීමේ සම්භාවිතාවය ඉතාමත්ම සුළු වේ. ආසන්න වශයෙන් අනාවරණය කරගත නොහැකි තත්වයටම පත්වේ.

තොරතුරු සැපයීමේ පත්‍රිකාව කුකීස් (අනන්‍යතාවය හදුනාගැනීමට යොදාගත හැකි ඉතාමත් කුඩා ගොනු වර්ගයක්) භාවිතා කරයිද සහ ඒ හරහා මාගේ අනන්‍යතාවය අනාවරණය වේවිද?

මෙම වෙබ් අඩවිය සහ තොරතුරු සැපයුම් පෝරමය කුකීස් භාවිතා නොකරයි.

තෙවන පාර්ශවයකට මවිසින් පෝරමය පිරවීමට යොදාගන්නා තොරතුරු ග්‍රහනය කරගත හැකිද?

ඔබ පෝරමය/පත්‍රිකාව පිරවීමේදී යොමුකරන තොරතුරු අපගේ සේවාදායක අඩවිය සමග සන්නිවේදනය සඳහා ගතවන කුඩා කාල රාමුව තුලදී යමෙකුට ග්‍රහණය කරගත හැක. එනමුත්, මෙය සිදුවීමේ සම්භාවීතාවය ඉතාමත් සුළුය. මීට අමතරව, පෝරමයේ අන්තර්ගත තොරතුරු සංකේතනය කෙරෙන අතර (HTTPS හරහා) මේ හේතුකොටගෙන, යමෙක් විසින් දත්ත සම්ප්‍රේෂණයේදී එකී දත්ත ග්‍රහනය කරගත්තද, ඔවුන්හට එම තොරතුරු විකේතනය කරගැනීමට නොහැක. පෝරමය සහ එහි අඩංගු දත්ත GHI අඩවියට ඉදිරිපත් කළ පසු එම තොරතුරු IP ලිපින, උපකරණ සහ ජාල පිලිබඳ තොරතුරු වලින් වෙන්කර තබාගනු ලැබේ. පෝරම/පත්‍රිකා වල අඩංගු දත්ත නිර්නාමිකව අපගේ සුරක්ෂිත, ස්වාධීන, සහ කැපවූ සේවාදායක අඩවි වල යුරෝපීය අධිකරණ බලය සහ රෙගුලාසි වලට අනුකූලව ගබඩා කරනු ලැබේ. මෙම අදියරෙන් පසුව පත්‍රිකා/පෝරම වල අඩංගු වී ඇති තොරතුරු සහ ඔබගේ උපකරණ සහ ජාල අතර සම්බන්ධතාවයක් ස්ථාපිත කිරීමට නොහැකි වේ.

මා විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු භාවිතා වන්නේ කෙලෙසද?

නිර්නාමිකව ඉදිරිපත් කරනු ලබන තොරතුරු GHI සමාගම විසින් පත්කරන ලද විශේෂඥයින් මඩුල්ලක් විසින් අගයනු ලැබේ. එකී විශේෂඥයින් එම තොරතුරු වලට අනුකූලව, ආහාර සුරක්ෂිතතාවය උදෙසා මැදිහත් වීම් අවශ්‍ය බවට නිගමණයකට එලඹුනොතින්, එම රටට අදාල ආහාර සුරක්ෂිතතාවය පිළිබද බලධාරීන්ට වාර්තාවට අනුකූල තොරතුරු පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරන ලෙසට සමාගම මගින් නිර්දේශයක් යවනු ලැබේ.